ජීව විද්‍යාව :-
ජීව විද්‍යාව හෙවත් ජීවවේදය යනු ස්වභාවික විද්‍යාවෙහි අංශයකි., ජීවීන් සහ ඔවුන් පරිසරය සමඟ දක්වන අන්තර් සම්බන්දතාවන් පිලිබඳව සිදුකරන අධ්‍යයනයන් හැඳින්වීමට භාවිතා වන නාමයයි. ජීවීන්ගේ ව්‍යුහය,ක්‍රියාකාරිත්වය,වර්ධනය,සම්භවය,පරිනාමය සහ ව්‍යාප්තිය ජීව විද්‍යාවෙහි අන්තර්ගත වෙයි.ජීවවිද්‍යාව මඟින් ජීවීන්,ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය,ජීව විශේෂයන්ගේ පැවැත්ම, විවිධ විශේෂ අතර ඇති අන්තර් සබඳතා ,ජීවීන් හා ස්වභාවික පරිසරය අතර ඇති අන්තර් සබඳතා පිළිබඳ විස්තර කිරීම හා වර්ගීකරණය සිදුකරයි.
ඔබේ දැනුමට.....
කෘමි විද්‍යාවEntomology හෙවත් කෘමි විද්‍යාව යන පදය ග්‍රික සම්භවයක් දරන පදයකි. මෙහිදී කෘමින් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කරයි. හඳුනාගත ඇති කෘමි විශේෂ සංඛ්‍යාව මිලියන 1.3 වන අතර එය ලෝකයේ සමස්ත ජීවින් සංඛාවෙන් තුනෙන් දෙකක් නියෝජනය කරනු ලබයි. මොවුන්ගේ සම්භවය අදින් වසර මිලියන 400 කට පමණ පෙර සිදුවී ඇති අතර මොවුන් මිනිසා සහ අනෙකුත් ජීවින් සමග විවිධ අන්තර ක්‍රියා සිදු කරයි. එමනිසා මොවුන්ගේ ජීව විද්‍යාව පිළිබදව අධ්‍යයනය ඉතා වැදගත්ය. විද්‍යානුකූල නොවුවද ජීව විද්‍යාව පිළිබද අධ්‍යයන ඉතා වැදගත්ය. විද්යානුකුල නොවුවද මෙම විෂයට අදාළව සිදුකෙරෙන ඇතැම් අර්ථ දැක්විම් සමහර අවස්ථාවලදි බෙහෙවින් වැදගත්වේ. භෞතික පරිසරයේ වෙසෙන නව සන්ධිපාදක ජීවි වංශ එනම් (මකුලු සතුන්, මයිරි පොයිඩාවන්, බිම් පණුවන් සහ හංගොල්ලන්) පිළිබඳව අධ්‍යයනය දක්වා මෙම අධ්‍යයන පුළුල් කර ඇත.
සත්ව විද්‍යාව යටතේ වර්ග කර ඇති වෙනත් ක්ෂේත්‍ර මෙන්ම කීට විද්‍යාවද තක්සෝන මත පදනම් වු වර්ගීකරණයකි.ඕනෑම ආකාරයක විද්‍යාත්මක අධ්‍යයනයක අර්ථ දැක්විමට අනුව කෘමීන් පිළිබඳව කෙරෙන අධ්‍යයනය කීට විද්‍යාවට අයත් යැයි පැවසිය හැකිය. කීට විද්‍යාවට අයත් ක්ෂේත්‍ර විවිධකාරය මේ අතර ප්‍රවේනි විද්‍යාව, හැසිරිම අධ්‍යයනය, ජීව යාන්ත්‍රනය, ජෛව රසායනය, වර්ගිකරණය, භෞතිකවේදය. සංවර්ධන ජීව විද්‍යාව, පරිසර විද්‍යාව, රූප විද්‍යාව, පාෂාණ ධාතු විද්‍යාව, මානව විද්‍යාව, රොබෝ විද්‍යාව, කෘෂිකර්මය, හා තවත් අංශ අයත්ය. | ඔබ දැන සිටියාද...??ජාන චිකිත්සාවේදී අවශ්‍ය ජාන හඳුන්වාදීමට හෝ ඖෂධ අණු පරිවහණය සඳහා වයිරස වල ප්‍රවේණික ද්‍රව්‍ය ඉවත් කර කැප්සිඩය නම් එහි භාහිර කොටස යොදාගන්නා බව
උසස් පෙළ ජීව විද්‍යාව 2011 (නව නිර්දේශය)
|
ජාන විකරණය කළ ශාකවල
ජාන පරිසරයට එක්වෙන බවට සාධක
ජාන විකරණය කරන ලද විවිධ ශාක වර්ග මේ වන විට ලෝකයේ රටවල් රැසක වගා කරනු ලැබේ. මේ අතර විවිධ ආහාරමය භෝග මෙන් ම කපු වැනි ආහාරමය නොවන භෝග වර්ග ද රැසක් තිබේ. මේවායේ සෞඛ්‍ය හා පාරිසරික බලපෑම් පිළිබඳව ඇති සංවාදය තවමත් අවසන් නොමැත. ඒවායෙන් ඇති විය හැකි පාරිසරික බලපෑම් පිළිබඳව කරුණු අනාවරණය වන්නේ තවදුරටත් මේ ශාක වර්ග වගා කිරීමත් සමඟ ය.
මෙවැනි බලපෑම් පිළිබඳව සඳහන් පර්යේෂණ වාර්තා දෙකක් මෑත දී ප්‍රකාශයට පත් විය. මේ වාර්තා දෙකම ජාන විකරණය කළ මේ ශාක විශේෂ දෙකක් පරිසරයට නිකුත් වීම හා සම්බන්ධය. ඉන් එක් සිදුවීමක දී ශාකයක ගහනයක් වගා බිමෙන් පිටත ස්වාභාවික පරිසරයේ හමු වී ඇති අතර අනෙක් සිදුවීමේදී අදාළ ශාකයේ ජාන වල් ශාකවලට මිශ්‍ර වී ඇත. මේ දක්වා මෙවැනි සිදුවීම් තුනක් වාර්තා වී තිබේ. අනෙක් ශාකය තෘණ විශේෂයක් සේ වගා කරනු ලබන Agrostis විශේෂයකි.
තචත් තොරතුරු සදහා මෙය ඔබන්න

හරිතාගාර ආචරණයේ වැදගත්කම
පෘථීවිය නම් ග්‍රහලෝකයේ ජීවය පැවතීමට සුදුසු වාතාවරණ ය ලැබී ඇත්තේ හරිතාගාර ආවරණය නිසාවෙනි.හරිතාගාර වායු වශයෙන් හඳුනා ගනු ලැබ ඇත්තේ කාබන්ඩයොක්සයිඩ්,ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්,මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් හා ජල වාෂ්ප ය.මෙම වායූන් පෘථීවි වායුගෝලයේ පහළ මට්ටම් වල සුළු ප්‍රමාණ වලින් ස්වභාවිකව පවතී.සූර්යය්යාගේ සිට පෘථීවි පෘෂ්ඨය කරා පැමිණ නැවතත් ආකාශයට පිට කරනු ලබන තාප ප්‍රමාණයෙන් කොටසක් වායුගෝලයේ රඳවා ගැනීමෙන් පෘථිවියේ උෂ්ණත්වය පාලනය කිරීම හරිතාගාර වායු මඟින් සිදු කරයි.මෙය හරිතාගාර ආචරණය යි.පසුගිය දශක වල වායුගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රනය වැඩි වී ඇත.වන විනාශය ඉන්ධන දහනය නිසා මෙම වායුවල සාන්ද්‍රනය වැඩි වී ඇත.අස්වාභාවිකව හරිතාගාර වායු වැඩි වීම අහිතකර ප්‍රථීඵල අත්කර දෙයි. මෙසේ හරිතාගාර වායුවල සාන්ද්‍රණය තව තවත් වැඩි විමට ඉඩ හැරියහොත් පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය පසුගිය දශක කිහිපය තුළ පැවැති උෂ්ණත්වයේ වැඩි විමට වඩා වැඩි වේගයකින් ඉහළ යනු ඇත.
තචත් තොරතුරු සදහා මෙය ඔබන්න
තචත් තොරතුරු සදහා මෙය ඔබන්න
පේරාදෙනියේ පර්යේෂිකාවක්
නව පැළෑටියක් සොයාගනියි
පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ උපාධිලාභිනියක වන ප්‍රභා අමරසිංහ මෙනෙවිය නව ශාක විශේෂයක් ලොවට හඳුන්වා දීමට සමත් ව සිටිනවා. ප්‍රභා අමරසිංහ මෙනෙවිය දැනට තම විද්‍යාපති උපාධිය (කොළඹ විශ්වවිද්‍යාලයයේ) හදාරන අතර ශාක පිළිබඳ පර්යේෂණවල නියෑළෙන්නියක්. ඇය මේ නව පැළෑටිය සොයා ගැනීමට අදාළ පර්යේෂණ පටන්ගත්තේ 2008 වසරේ දී. මේ ව්‍යාපෘතියේ උපදේශක වූයේ ආචාර්ය සිරිල් විඡේසුන්දර මහතායි. මෙය ස්ථිරව නව ශාක විශේෂයක් ලෙස ලෝකය පිළිගත්තේ 2011 මැයි මාසයේ දී. එය ප්‍රකාශයට පත් වුණේ 2011 ඔක්තෝබර් මස පළ වූ එඩින්බර්ග් ජර්නල් ඔෆ් බොටනි 68 වැනි වෙළුමෙහි තුන්වැනි කලාපයේයි.
තචත් තොරතුරු සදහා මෙය ඔබන්න
තචත් තොරතුරු සදහා මෙය ඔබන්න
ඕසෝන් ස්ථරය රැකීමේ සටන අවසන් නැත
ඕසෝන් ස්ථරය තුනීවීම හා එය රැකගැනීම සඳහා ගත් ජගත් මට්ටමේ උත්සාහය කලක පටන් බෙහෙවින් අවධානයකට ලක් ව තිබූවකි. 1970 දශකයේ මැද භාගයේ දී පමණ මේ පිළිබඳව හා ඊට බලපාන මානව මූලික හේතු මුලින්ම පැහැදිලි කරන ලද අතර එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳව ලෝකයේ අවධානය යොමු වූයේ ඉන් පසුව ය. 1980 දශකයේ දී අනාවරණය වූ ඇන්ටාක්ටික් ඕසෝන් සිදුර මේ අවධානය දෙතුන් ගුණයකින් ඉහළ නැංවීමට හේතු විය. ඉන් පසුව ගෙවුණු කාලය තුළ ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධකය වන මිනිසුන් විසින් කලක් විස්මය ජනක සංයෝගයක් සේ සලකන ලද ක්ලෝරෝෆ්ලෝරොකාබන් (CFC) භාවිතයෙන් ඉවත් කිරීමට ද මිනිසාට හැකි වී තිබේ.
තචත් තොරතුරු සදහා මෙය ඔබන්න
තචත් තොරතුරු සදහා මෙය ඔබන්න
ජෛව පටල එදිනෙදා
ජීවිතයට වැදගත් වන්නේ කෙසේ ද ?
ජෛව පටල හෙවත් ඊසදසෙකපි යන සංකල්පය ඉතා පැරැණි මුත් ඒ පිළිබඳ විද්‍යාත්මක අවධානය යොමු වී දැනට වසර 75ක් පමණ ගත වී ඇත. මේ පිළිබඳව සිතීමට හා පර්යේෂණ කිරීමට මිනිසා පෙලඹෙන්නට ඇත්තේ පරිසරයේ විවිධ පෘෂ්ඨවලට ඇලී වර්ධනය වන නා නා විධ ක්ෂුද්රජීවීන් හා ඔවුන් ගේ සහසම්බන්ධතා වඩා ප්‍රකට වීමත් සමග යෑයි කිව හොත් එය නිවැරැදි ය
තචත් තොරතුරු සදහා මෙය ඔබන්න
තචත් තොරතුරු සදහා මෙය ඔබන්න
කැස්බෑවුන් ගේ ප්‍රජනන හැසිරීම් වෙනස් වේ
කැස්බෑවුන් ගේ ප්‍රජනන හැසිරීම්වල ඇති විශේෂතාවයක් නිසා දේශගුණ වෙනස් වීම හේතුකොටගෙන කැස්බෑ ගහනවලට ඇති විය හැකි අහිතකර බලපෑමකින් ගැලවීමට හැකියාව ඇති බව පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. මේ වන විට වඳ වී යැමේ අන්තුරට මුහුණ දී ඇති කොළ කැස්බෑවුන් ගේ (Chelonia mydas) ප්‍රජනන හැසිරීම් හා සම්බන්ධව මේ අධ්‍යයනය සිදු කර තිබේ.
කැස්බෑවුන් ගෙන් උපදින පැටවුන් ගේ ගැහැනු-පිරිමි බව තීරණය වන්නේ බිත්තරවල බීජෞෂණ සමයේ දී පවත්නා උෂ්ණත්වය මත ය. ඉහළ උෂ්ණත්වයක් පවත්නා විට උපදින සතුන් අතරින් වැඩි ප්‍රමාණයක් ගැහැනු සතුන් වේ. මේ අනුව ලෝකයේ උෂ්ණත්වය ඉහළ යන තත්ත්වය තුළ ඇතැම් කැස්බෑ ගහනවල වැඩි ජනිතයින් පිරිසක් ගැහැනු සතුන් වීමේ අවස්ථාවක් පවතී. අවාසනාවකට මෙන් මේ නිසා අහයපත් ප්‍රතිඵල ද ඇති විය හැකි ය. නිදසුනක් ලෙස ගත හොත් ප්‍රමාණවත් තරම් පිරිමි සතුන් නොමැති නම් අදාළ කණ්ඩායම් අතර ඇති වන සහාභිජනනය නිසා උපදින කැස්බෑවුන් අතර සෞඛ්‍ය ගැටලු ඇති වීමේ වැඩි ඉඩක් පවතී.
මේ කරුණු ගැන අවධානය යොමු කරමින් සයිප්‍රසයේ අප මාතෘකා කර ගත් අධ්‍යයනය සිදු කර තිබේ. මේ ප්‍රදේශයේ ග්‍රීෂ්ම කාලයේ දී පවත්නා ඉහළ උෂ්ණත්වය නිසා උපදින සතුන් අතරින් 95%ක් ම ගැහැනු සතුන් ය. මේ අධ්‍යයනයේ දී බිහි වන පැටවුන් ගේ පීතෘත්වය පිළිබඳව ප්‍රවේණික ද්‍රව්‍ය භාවිත කරමින් කරුණු සොයාබලා ඇත. එහි දී හෙළි වී ඇති ආකාරයට මෙතෙක් සිතා සිටියාට වඩා වැඩි පිරිමි සතුන් ප්‍රමාණයක් කැස්බෑ පැටවුන් ගේ පියවරුන් සේ සිටින බව හෙළි වී තිබේ. සංඛ්‍යාත්මකව ගත් විට ගැහැනු සතුන් 20ක ගේ බිජු සංසේචනය කිරීම සඳහා පිරිමි සතුන් 28ක් සහභාගි වී ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ එක් පිරිමි සතෙක් ගැහැනු සතුන් දෙදෙනකු ගේ බීජ සංසේචනය කර නො තිබීම ය.
මේ අනුව කැස්බෑ පිරිමි සතුන් ගේ හැසිරීම පිළිබඳව මෙතෙක් නො දැන සිටි කරුණු හෙළි වි ඇත. ඒ අනුව කැස්බෑ පිරිමි සතුන් අභිජනනය සමයේ දී සරු ගැහැනු සතුන් සොයා විශාල දුරක් ගමන් කරන බව ය. චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් කළ සොයාබැලීම්වල දී මේ බව තහවුරු වී තිබේ. මේ තත්ත්වය කැස්බෑවුන් ගේ ප්‍රවේණික විවිධත්වය ඉහළ මට්ටමක තබා ගැනීමට ප්‍රයෝජනවත් වන අතර උෂ්ණත්වය ඉහළ යැම නිසා සහාභිජනනය සිදු වීමෙන් ඇති වන බලපෑම් වැළැක්වීමට ද ඉන් හැකි ය. (මූලාශ්‍රය Proceedings of the Royal Society Biological Sciences)