උසස් පෙළ ජීව විද්‍යාව 2011 (නව නිර්දේශය)
ජීවවිද්‍යා ප්‍රශ්න පත්‍ර සමාලෝචනය
මේ සහස්රකය ආරම්භයේ දී ම උසස් පෙළ විෂය දහරා දැවැන්ත පෙරැළියකට ලක් විය. සතර විෂය, තෙ විෂය බවට පත් වීම ලෙස එය කෙටියෙන් හැඳින්විය හැකි ය.
ඉන් වසර දහයක පමණ කාලයක් ඉකුත් වත් ම උසස් පෙළ ජීවවිද්‍යා නිර්දේශය නැවත සංශෝධනයකට ලක් වීම සිසුනට කිහිප ආකාරයකින් හිතකර ය. ඊට එක ම හේතුව, විෂය කරුණු නවීකරණය වීමේ ශීඝ්‍රතාව ම නො වේ.
කෙසේ වෙතත් මෙවර නව නිර්දේශය ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න සංඛ්‍යාව, මුලින් දැනුම් දුන් පරිදි 50කට සීමා විය. එය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ පැත්තෙන් බැලු විට, පහසුදායක තත්ත්ව සැපයීමකි. පැය 2ක කාලය තුළ, ප්‍රශ්න 60කට නො ව 50කට පිළිතුරු දිය යුතු ව තිබිණි.
විෂය කරුණු කටපාඩම් නො කොට හොඳින් වටහාගත් අය සඳහා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න
රැසක් නිර්මාණය වී ඇති ආකාරය ද ඉතා අගය කළ යුතු යහපත් ප්රවණතාවකි.
ප්‍රශ්න පත්‍රයේ 8 වැනි බහුවරණ ප්රශ්නය සඳහා සියලු පිළිතුරු සත්‍ය වීමත්, 13 වැනි බහුවරණ ප්රශ්නය සඳහා සාවද්‍ය ප්‍රකාශ ලෙස පිළිතුරු 1ක් නො ව දෙකක් ම තිබීමත් හැරුණු විට ඉතිරි බහුවරණ ප්‍රශ්න 48 සඳහා එක් ප්‍රතිචාරයක් පමණක් තෝරා තිබිණි. (ගණිතමය ස්වභාවයක් සහිත බහුවරණ පිළිතුරු, ඇතැම් විට සාවද්‍ය වීම ජීවවිද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඉතිහාසය පුරා ම යන්තමින් හෝ විහිදී ඇති හෙයින් එය එතරම් සැලකිල්ලට ගත යුත්තක් නො වේ). තෝරා ඇති ඇතැම් බහුවරණ පිළිතුරු අතරින් එකක් හෝ දෙකක්, නැවත සංවාදයකට ලක් කළ හැකි වුවත්, අදාළ තේරීම ගුරු අත්පොතට එකඟ ව සිදු කොට ඇති බව පැවසිය හැකි බැවින්, ඒ පිළිබඳව කරුණු දැක්වීම ද අනවශ්‍ය ය.
සුළු අඩුපාඩුකම් අමතක කළ විට, බහුවරණ ප්‍රශ්න පත්‍රයේ නව පිබිදීම නිරූපණය කරන ප්‍රශ්නයක් ලෙස ප්‍රශ්න අංක 16 දැක්විය හැකි ය.

මෙයට පිළිතුරු සෙවීම සඳහා, කටපාඩම් ක්‍රමවේදය යෙදිය නොහැකි ය. සිද්ධාන්ත අවබෝධ කරගත් අයකුට, බහුවරණ ප්රශ්නය සඳහා වෙන් වන විනාඩි 2 1/2කට මඳක් අඩු කාල පරිච්ඡේදය තුළ දී, හොඳින් පිළිතුරු වෙත යොමු විය හැකි වනු ඇත. මුලින් ම ඔහු මොළයේ අදාළ "ප්‍රදේශය" මැද මොළය බව වටගාගත යුතු ය. ඊළඟ තත්පරයේ දී "සිව්බිඩිදේහ" පිළිබඳව මතකය අවදි වී, ප්‍රතිචාර අතරින් නිවැරැදි ප්‍රතිචාර සඳහා යොමු වනු ඇත. මෙවැනි බහුවරණ ප්‍රශ්න නිර්මාණය ප්‍රශංසා කටයුතු ය. සිදු විය යුත්තේ ද මෙයයි.
එහෙත් නිරවද්‍ය ලෙස තම මතකය මෙහෙයවන ශිෂ්‍යයකු හට විභාග ශාලාව තුළ ගැටලු ඇති කරන බහුවරණ ද නැත්තේ නො වේ.
නිදසුන් අංක 1 : 22 ප්රශ්නයේ පිළිතුරට බලපෑමක් ඇති කරන "රේඩියෝලේරියා" ව්යqහ ස්වභාව අධ්‍යයනය නිර්දේශගත නො වීම.
නිදසුන් අංක 2 : 33 වැනි ප්රශ්නය සඳහා වලංගු පිළිතුරෙහි ප්ර්රථම කරුණ, සමස්ත ඌනන විභාජන ක්‍රියාවලියට පෙර සිදු වන්නක් වීම.
නිදසුන් අංක 3: 34 වැනි ප්රශ්නය තුළ ශිෂ්‍යයා විසින් නිවැරැදි කරගත යුතු මුද්‍රණ දොaෂයක් තිබීම.
මෙවැනි දේ මතුවට සිදු නො වන්නේ නම් එය සිසු පරපුරේ යහපතට හේතුවකි.
2000 සිට වසර දහයක් ක්‍රියාත්මක වුණු පැරැණි නිර්දේශයේ ඇතැම් සාවද්‍ය විෂය කරුණු, නව නිර්දේශය තුළ නිරවද්යකරණයකට ලක් ව ඇත. මීට නිදසුනක් ලෙස මිනිස් ශුක්‍රාණුවේ ව්යqහය දැක්විය හැකි ය. එහෙත් තවත් නිවැරැදි විය යුතු කරුණු එමට ය. ඉන් එකක් පිළිබඳ තොරතුරු මෙවර ප්‍රශ්න පත්‍රය ඇසුරෙන් මෙසේ දැක්විය හැකි ය.
ජීව විද්‍යාව නව නිර්දේශය ප්‍රශ්න පත්‍රයේ 3 වැනි ව්යqහගත රචනා ප්රශ්නයේ Aහි (ස) ලෙස දැක්වෙන කොටස මෙසේ ය. "මිනිසා ගේ කලල බන්ධය තැනීමට සහභාගි වන ව්යqහ මොනවා ද?" (කරුණු 3ක් සඳහා ලකුණු 6ක් ලබා දෙන ප්‍රශ්න කොටසකි.) ලකුණු 6 ම ලබා ගැනීමට ලිවිය යුතු කරුණු 3 ලකුණු සැලැස්මට එකඟව මෙසේ ය.
A - කෝරියම B - අලින්ථය C - ගර්භාෂ බිත්තිය/එන්ඩොමේටි්රයම
මේ ලකුණු 6 මෙවර මේ ප්‍රශ්න පත්‍රයට පෙනී සිටි (විෂය කරුණු අධ්‍යයනය කොට තිබූ) සිසු සිසුවියන් සියලු දෙනාට ම ලැබුණු බව නිසැක ය. එබැවින් ලකුණු ලබා දීම අතින් කිසිවකුට වත් අසාධාරණයක් සිදු ව නැත. එහෙත් 2000 සිට උසස් පෙළ ජීව විද්‍යාව විෂය යටතේ, සත්ත්ව විද්‍යා කොටස්වල අන්තර්ගත කරමින් ශ්‍රී ලංකාව පුරා ම උගන්වනු ලබන සාවද්‍ය විෂය කරුණු අතර රැඳුණු තවත් එක් කරුණක් ලෙස "මිනිසා ගේ අලින්ථ කෝරියම් කලල බන්ධය" දැක්විය හැකි ය.

අධ්‍යාපන ප්රතිසංවිධානයකට, අධ්‍යයන ක්ෂේත්රය සැරසෙන මේ වකවානුවේ දී, උසස් පෙළ ජීවවිද්‍යාව යටතේ ඇති විවිධාකාර සාවද්‍ය තැන් මේ වසරේ සිට වත් නිවැරැදි විය යුතු ය යන අරමුණින් මේ පිළිබඳව ඉතා කෙටියෙන් ඉදිරිපත් කරමි. ඉතා පැරැණි සත්ත්ව විද්‍යා නිර්දේශයක බිත්තරයක් තුළ විකසනය වන කුකුළු කලල පටල අධ්‍යයනය කෙරිණි. කුකුළු කලලයේ අලින්ථය විශාලව වැඩෙන්නකි. එය, කෝරියම නමැති පිටතින් ම පිහිටන කලල පටලය සමග පෑහී අලින්ථ කෝරියම තනයි. එහෙත් මිනිසා ගේ අලින්ථය එබන්දක් නො වේ. එය කුඩා අන්ධාශයකි. විශාල ව වර්ධනය නො වනවා පමණක් නො ව පෙකණි වැල තුළට වත් නො එන්නකි. දැනට නිර්දේශයේ ඉගැන්වෙන පරිදි එය විශාල ව වැඩී කෝරියම හා නො පෑහේ. අලින්ථ කෝරියම් කලල බන්ධය නො තැනේ. මිනිස් කලල බන්ධය රුධිර කෝරියම් කලල බන්ධයයි. මේ කරුණු, සතර විෂය තිබූ කල සත්ත්ව විද්‍යාව යටතේ ඉතා නිවැරැදිව ඉගැන්වූ ඒවා ය. එකල මේවා නිවැරැදිව උගත් ඇතැම් සිසු සිසුවියන් මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් ය. ඔවුනට ද තමන් උසස් පෙළ දී උගත් කරුණු සහ ඒවායේ සීමා මුළුමනින් ම අමතක ව ගොස් නැත.
ඉහත සඳහන් කළ අඩුපාඩුව කෙසේ වෙතත් නව නිර්දේශය සඳහා වූ ජීව විද්‍යාව 2011 ප්‍රශ්න පත්‍රය සිසු සිසුවියන් ගේ පැත්තෙන් බැලු විට සුබදායක ය. සහනදායක ය. ප්‍රශ්න පත්‍රයේ ඉතා වැඩි ප්‍රශ්න සංඛ්‍යාවකට තර්කානුකූලව නිවැරැදි පිළිතුරු සපයා අති විශිෂ්ට සාමර්ථ්‍යයක් වෙත ළඟා වීමට කිසිදු බාධාවක් ප්‍රශ්න පත්‍රය තුළ නිරූපණය නො වේ.
ඉදිරි අධ්‍යාපන ප්රතිසංවිධාන මඟින්, පුරා දශකයකට වඩා වැඩි ආයු කාලයක් වළඳා ඇති ජීවවිද්‍යා විෂයේ සත්ත්ව විද්‍යා කොටසෙහි විවිධ විෂය ස්ථරවල නිරූපණය වන සාවද්‍ය විෂය කරුණු සියල්ල නිරවද්‍ය වී, සත්‍ය වූ ද, ප්‍රබල වූ ද ජීවවිද්‍යා විෂය අධ්‍යයනයක් තුළින් විශිෂ්ට සාමර්ථ්‍ය කරා යන මාවත සිරිලක් දූ පුතුන් හට හෙළි පෙහෙළි වේ යනු අප ප්‍රාර්ථනයයි.
අසංග අබේසුන්දර (BSc.)
ප්‍රවීණ ජීවවිද්‍යා දේශක හා ලේඛක