මානව රුධිර සංසරන පද්ධතියපුරුෂ ප්‍රජනක පද්ධතියමානව ස්වසන පද්ධතියමිනිසාගේ මොලයස්නායු පද්ධතිය | මානව සැකිළි පද්ධතියස්ත්රි ප්‍රජනක පද්ධතිය මානව wdහාර ජීරණ පද්ධතිය
මයිටොකොන්ඩ්රියාමයිටොකොන්ඩ්රියා වනාහි සෛලීය ශ්වසනයෙන් සෛලයට අවැසි ශක්තිය හෙවත් ATP නිපදවන ඉන්ද්‍රිකාවකි. සෛල තුළ ජව පොළවල් සේ ද මෙය හැඳින්වේ.
ව්‍යුහය - සෛල ප්ලාස්මය පූරකයේ විසිරී ඇති මෙය පටල දෙකකින් වටවූ කුඩා ඉන්ද්රියිකාවකි. හැඩය ගෝලාකර හෝ දණ්ඩාකාර හෝ ඕවලාකාර වේ. පිටත හා ඇතුලත ලෙස වූ පටල දෙක අතර අන්තර්පටල අවකාශයක් ඇත. අභ්‍යන්තර පටලයේ ඇති රැලිති ස්වභාවයන් (නැමීම් කොටස්) ‘මියර‘ නම් වේ. වටවූ කොටස පූරකය හෙවත් මජ්ජාව නම් වේ. එතුල 70s වර්ගයේ රයිබසෝම, න්‍යෂ්ටික අම්ල හා සෛලීය ශ්වසනයේ කෙබ් චක්‍රයට අවැසි එන්සයිම ඇත. මයිටොකොන්ඩ්‍රියා ස්වයං ප්‍රතිවලිත ඉන්ද්‍රිකාවකි. කෘත්‍යය-සෛලීය ශ්වසනයේ කෙබ් චත්‍රය හා ඉලෙක්ට්‍රෝන පරිවහනය සිදුවන ස්ථාන ලෙස ක්‍රියා කරයි. ATP නිපැයීම හා ගබඩා කිරීම සිදු කරයි. රයිබසෝම පිහිටි බැවින් ප්‍රෝටීන සංස්ලේෂණය කරයි. ශාක ජීවන චක්‍රය |