පේරාදෙනියේ පර්යේෂිකාවක්
නව පැළෑටියක් සොයාගනියි
පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ උපාධිලාභිනියක වන ප්‍රභා අමරසිංහ මෙනෙවිය නව ශාක විශේෂයක් ලොවට හඳුන්වා දීමට සමත් ව සිටිනවා. ප්‍රභා අමරසිංහ මෙනෙවිය දැනට තම විද්‍යාපති උපාධිය (කොළඹ විශ්වවිද්‍යාලයයේ) හදාරන අතර ශාක පිළිබඳ පර්යේෂණවල නියෑළෙන්නියක්. ඇය මේ නව පැළෑටිය සොයා ගැනීමට අදාළ පර්යේෂණ පටන්ගත්තේ 2008 වසරේ දී. මේ ව්‍යාපෘතියේ උපදේශක වූයේ ආචාර්ය සිරිල් විඡේසුන්දර මහතායි. මෙය ස්ථිරව නව ශාක විශේෂයක් ලෙස ලෝකය පිළිගත්තේ 2011 මැයි මාසයේ දී. එය ප්‍රකාශයට පත් වුණේ 2011 ඔක්තෝබර් මස පළ වූ එඩින්බර්ග් ජර්නල් ඔෆ් බොටනි 68 වැනි වෙළුමෙහි තුන්වැනි කලාපයේයි.
මේ තම නව සොයා ගැනීම් ගැන ප්‍රභා දැක්වූ අදහස්--"මා අලුතෙන් සොයා ගත් ශාක විශේෂය විද්‍යාත්මකව මෙතෙක් වර්ගීකරණයට බඳුන් වී තිබුණේ නැහැ. එහි සිංහල නම අනිත්ත (Anitta). එහෙත් මීට පෙර විද්‍යාත්මකව මෙය විමර්ශනය කර නැහැ. මෙය දෙමළෙන් නාගමුල්ලි කියාත් ඉංග්‍රීසියෙන් White Crane Flower කියාත් හඳුන්වනවා. අයත් වන්නේ Acanthaceae කුලයට. මේ සොයාගත් නව විශේෂය විද්‍යාත්මකව නම් කරන්නේRhinacanthus flavovirens (Amarasinghe & Wijesundara) යනුවෙන්. ලොව මේ Rhinacanthus ගණයට අයත් ශාක විශේෂ 30ක් විතර හඳුනාගෙන තියෙනවා. ලංකාවේ මේ Rhinacanthusගණයට අයත් විශේෂ දෙකක් මීට කලින් හඳුනාගෙන තියෙනවා. එකක් R.nasutus. අනෙකR.polonnaruwensis. දෙවැන්න ලංකාවට ආවේනිකයි. nasutus විශේෂය ලංකාවේ චර්ම රෝගවලටයි, නයි විෂටයි පාවිච්චි කරනවා. ඒ වගේ ම මෙය ප්රතිබැක්ටීරිකාරක, ප්‍රතිවයිරස හා ප්රතිදීලීරක ගුණ දරනවා. එසේ ම පිළිකා නාශක ගුණ ද තිබෙනවා. මෙහි ඇතුළත් රසායනය රයිනකැන්තීන්. එය ඉතා වැදගත්. මේ පැළෑටිය උතුරුමැද, මධ්‍යම හා දකුණු පළාත්වල දක්නට ලැබෙන්නක්."