ඕසෝන් ස්ථරය රැකීමේ සටන අවසන් නැත............
ඕසෝන් ස්ථරය තුනීවීම හා එය රැකගැනීම සඳහා ගත් ජගත් මට්ටමේ උත්සාහය කලක පටන් බෙහෙවින් අවධානයකට ලක් ව තිබූවකි. 1970 දශකයේ මැද භාගයේ දී පමණ මේ පිළිබඳව හා ඊට බලපාන මානව මූලික හේතු මුලින්ම පැහැදිලි කරන ලද අතර එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳව ලෝකයේ අවධානය යොමු වූයේ ඉන් පසුව ය. 1980 දශකයේ දී අනාවරණය වූ ඇන්ටාක්ටික් ඕසෝන් සිදුර මේ අවධානය දෙතුන් ගුණයකින් ඉහළ නැංවීමට හේතු විය. ඉන් පසුව ගෙවුණු කාලය තුළ ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධකය වන මිනිසුන් විසින් කලක් විස්මය ජනක සංයෝගයක් සේ සලකන ලද ක්ලෝරෝෆ්ලෝරොකාබන් (CFC) භාවිතයෙන් ඉවත් කිරීමට ද මිනිසාට හැකි වී තිබේ. ඒ සඳහා පදනම් වූයේ 1980 දශකයේ දී සම්මත කරන ලද වියානා සම්මුතිය හා මොන්ටි්රයල් සන්ධානය සඳහා ලෝකයේ රටවල් සියල්ලේම සහයෝගය ලැබුණු නිසා ය. මේ වන විට ඕසෝන් ස්ථරයට හානි කරන සංයෝග නිෂ්පාදනය හා ආනයනය සියයට 98කින් පමණ අඩු කර තිබීම මේ ජයග්‍රහණයේ තරම පෙන්වන්නකි.
කෙසේ වෙතත් මේ වන විට ඕසෝන් ස්ථරය සැබැවින්ම ආරක්ෂිත ද? හානිකර රසායනික ද්‍රව්‍ය නිකුත්කිරීම නවතා දමනු ලැබුව ද ඉහළ වායුගෝලයේ ඕසෝන් ස්ථරය යථා තත්ත්වයට පත් වීම සඳහා තවත් දශක කිහිපයක කාලයක් පමණ ගත වනු ඇතැයි පෙන්වා දී ඇත. අනෙක් අතට ක්ලෝරොෆ්ලෝරෝකාබන් වායුව භාවිතයෙන් ඉවත් කළ බැවින් ඕසෝන් ස්ථරයට බලපෑම් කළ විශාලතම සාධකය ඉවත් වී ඇති බව සැබැවි. එහෙත් මේ CFC වැනි ඕසෝන් ස්ථරයට හානි කරන සංයෝගවලට බොහෝ දිගු ආයු කාලයක් තිබේ. මේ නිසා ඒවාට තවත් සැලකිය යුතු කාලයක් ඕසෝන් ස්ථරයට හානි කළ හැකි ය. අනෙක් අතට ඕසෝන් ස්ථරයට හානි සිදුකරන තවත් සංයෝග රැසක් තවමත් භාවිතයේ පවතී. මේ වර්ෂයේ ඕසෝන් දිනයේ දී ලෝකයේ අවධානයට ලක් ව ඇත්තේ එවැනි තවත් රසායනික ද්‍රව්‍ය කාණ්ඩයක් පිළිබඳව ය.
ඕසෝන් දිනයේ තේමාව (HCFC) භාවිතයෙන් ඉවත් කිරීම..........
සැප්තැම්බර් 16 වැනි දිනයට යෙදෙන ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය සඳහා 2011 වර්ෂයේ තේමාව ලෙස යොදාගෙන ඇත්තේ HCFC භාවිතයෙන් ඉවත් කිරීම සුවිශේෂී අවස්ථාවක්. ( a unique opportunity) යන්න ය. මේ තේමාවේ අරමුණ ඉතා පැහැදිලි ය. HCFC හෙවත් හයිෙඩ්රාක්ලෝරෝෆ්ලෝරොකාබන් යනු ඕසෝන් ස්ථරයේ විනාශයට මෙන්ම හරිතාගාර ආචරණයට ද හේතුවන රසායනික සංයෝගයකි. හරිතාගාර වායුවක් ලෙස එහි ප්‍රබලතාවය කාබන් ඩයොක්සයිඩ් මෙන් දෙදහස් ගුණයක් තරම් වේ. මේ නිසා එය භාවිතයෙන් ඉවත් කිරීම මේ අර්බුද දෙක ම පාලනය කිරීමේ දී වැදගත් ය. එය මේ අර්බුද දෙකින් ම ආපදාවට ලක්ව ඇති හා ලක්විය හැකි රටවල් විශාල ප්‍රමාණයක වැදගත් වන බව අමුතුවෙන් කිවයුතු නො වේ. මේ වන විට එය භාවිතයෙන් ඉවත් කර ඇති රටවල නීති විරෝධී ආකාරයෙන් ප්‍රවාහනය සිදුකිරීම දැකිය හැකි ය. මේ නිසා ඒ ගැන අවධානය යොමු කිරීම කාලානුරූප වේ.
ඉහත දැක්වූ පරිදි දේශගුණ වෙනස් වීම හා ඕසෝන් ස්ථරයේ පැවැත්ම අතර ද සම්බන්ධයක් පවතී. නිදසුනක් ලෙස ගතහොත් ඕසෝන් සඳහා හිතකර බව සැලකෙන ඇතැම් සංයෝග දේශගුණ වෙනස්වීමට හේතුවන හරිතාගාර වායු වේ. මේ නිසා ඒ වෙනුවට ද විකල්ප ලෙස යොදා ගත හැකි ද්‍රව්‍ය සෙවීම ද මේ වන විට සිදු වී තිබේ. අද ඇත්තේ ඕසෝන් ස්ථරය රැක ගනිමින් වෙනත් බලපෑම් ද අවම කිරීම සඳහා වූ ව්‍යායාමයකි.
නො දන්නා කරුණු අධිකයි?............
කෙසේ වෙතත් ඕසෝන් ස්ථරය හා සම්බන්ධ අපේ දැනුම තවමත් සම්පූර්ණ නොමැති බව බොහෝ විද්වතුන් ගේ අදහස වේ. මෑත දී වාර්තා වී ඇති අලුත් තත්ත්ව ද අදාළ අංශවල සාකච්ඡාවට ලක්ව ඇත. මෙතෙක් නො සිතූ ආකාරයේ ඇතැම් කරුණු මෑත දී අනාවරණය වී තිබේ. නිදසුනක් ලෙස පසුගිය සිසිර සෘතුවේ දී ආක්ටික් ප්‍රදේශයෙන් ඕසෝන් ස්ථරයේ සාන්ද්‍රණයේ කැපී පෙනෙන අඩු වීමක් වාර්තා වීම විශේෂ සිදුවීමකි. එහි දී සියයට 40කින් පමණ අඩුවීමක් වාර්තා වූ අතර ඊට හේතුව ලෙස විශ්වාස කරන්නේ දිගු ආයු කාලයක් ඇති හානිකර සංයෝගවල ක්‍රියාකාරිත්වය බව ය.
එසේම ඕසෝන් ස්ථරයට හානි සිදුකරන ඇතැම් සංයෝග ඇන්ටාක්ටිකාව වැනි ඇතැම් සුවිශේෂ ප්‍රදේශවල දී හැසිරෙන ආකාරය තවමත් මුළුමනින් ම අවබෝධ කරගෙන නොමැත. මේ අනුව ඕසෝන් ස්ථරය පිළිබඳව තවත් බොහෝ දේ අවබෝධ කර ගැනීමට ඉතිරි වී ඇති බව නම් ඉතා පැහැදිලි ය. මේ අනුව ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගැනීමේ සටන ද තවමත් මුළුමනින් අවසන් වී නොමැති බව නම් පැවසිය හැකි ය.